කෝලිට තැන අහිමි වෙයි

23

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලිට අයි.සී.සී ටෙස්ට් පිතිකරු දර්ශකයේ ප්‍රථම ස්ථානය අහිමි වී තිබෙනවා.
ඒ එංගලන්ත කණ්ඩායම සමග පැවති තරඟයේ දී සුපුරුදු දක්‍ෂතා අතරට නොපැමිණීම හේතුවෙන්.
ඒ අනුව එම දර්ශකයේ පළමු ස්ථානය හිමි කරගෙන ඇත්තේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ක්‍රීඩක ස්ටීවන් ස්මිත්.
දෙවන ස්ථානය විරාට් කෝලි හිමිකරගෙන ඇති අතර, මෙම ටෙස්ට් පිතිකරු දර්ශකයේ ශ්‍රී ලංකා ක්‍රීඩක දිමුත් කරුණාරත්නට 7 වන ස්ථානය හිමිව තිබෙනවා.
දිනේෂ් චන්දිමාල් 8 වන ස්ථානයේ පසු වන අතර අයි.සී.සී ටෙස්ට් පිතිකරු දර්ශකයේ 18 වන ස්ථානය හිමිකරගෙන ඇත්තේ කුසල් මෙන්ඩිස්.

Your Comments