කොදෙව් පළමු දිනයට 132/5

9

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය බාබඩෝස් හී දී නිමාවට පත්වුණා.
දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමටයි කොදෙව්වන් තීරණය කළේ.
මෙම තරගයට ද වර්ෂාවෙන් විටින් විට බාධා එල්ල වුණා.
කෙසේ වෙතත් පළමු ඉනිම ක්‍රීඩා කරන කොදෙව් කණ්ඩායම දිනය නිමාවන විට ලකුණු 132ක් රැස්කරගෙන සිටියේ කඩුළු 5කටයි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වන්නේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් විසින් වන අතර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් මෙහෙයවන පළමු වේග පන්දු යවන්නා ඔහු වීම විශේෂත්වයක්.

Your Comments