කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා

8

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 4ක් අවසානයේ කිසිවෙකුත් නොදැවී ලකුණු 25ක් ලබාගෙන සිටිනවා. පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන ජසොන් රෝයි සහ ජොනී බයිර්ස්ටෝව් පිළිවෙළින් ලකුණු 14ක් සහ 10ක් ලබාගෙන සිටිනවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංග පන්දුවාර දෙකක් යවා ලකුණු 14ක්ද නුවන් ප්‍රදීප් පන්දුවාර දෙකක් යවා ලකුණු 11ක්ද ලබාදී තිබෙනවා.

Your Comments