ක්‍රීඩා අමාත්‍යවරයා සහ ICC සභාපති අතර සාකච්ඡාවක් අද

4

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සහ ජගත් ක්‍රිකට් කවුන්සලයේ සභාපති ශාශාන්ක් මනෝහාර් අතර සාකච්ඡාවක් අද ඩුබායිහි ජගත් ක්‍රිකට් කවුන්සල මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පත්මසිරි මහතා, ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඇතුළු නිළධාරීන් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට එක් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ඔවුන් අයි.සී.සී ප්‍රධාන විධායක නිළධාරී ඬේවඞ් රිචර්ඞ්සන් ද හමු වීමට නියමිත බව සදහන්.
එහිදී ක්‍රිකට් ආයතනයේ නිළවරණය කඩිනමින් පැවැත්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Your Comments