ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ආරෝන් ෆින්ච්ගෙන් ලෝක වාර්තාවක්

13

පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දී පිතිකරුවෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් තමන් විසින්ම පිහිටුවා තිබූ වාර්තාව බිද දැමීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ආරෝන් ෆින්ච් අද සමත් වුණා.
ඒ, සිම්බාබ්වේහි පැවැත්වෙන 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයේ දීයි.
තරගය හරාරේ හී දී පැවැත් වුණේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව කඩුලු 2ක් දැවී ලකුණු 229ක් ලබා ගත් අතර එහිදී ආරෝන් ෆින්ච් පන්දු 76ක දී ලකුණු 172ක් රැස් කළේ හයේ පහර 10ක් සහ හතරේ පහර 16ක් සමගින්.
මීට පෙර 2013 වසරේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 156ක් ලබා ඔහු අදාළ වාර්තාවට හිමිකම් කීවා.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 129ක්.
ඒ අනුව මෙම තරගයෙන් ලකුණූ සියයක ජයක් ඔස්ටේ්‍රලියාවට හිමි වුණා.

Your Comments