එක් දින ක්‍රිකට් ඉතිහාසයේ මංගල ජය නේපාලය වාර්තා කරයි

14

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සිය මංගල ජය වාර්තා කිරීමට නේපාල කණ්ඩායම සමත් වුණා. ඒ, නෙදර්ලන්තය සමග පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාලය සියලු දෙනා දැවී ලකුණු 216ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට ඉනිමේ අවසන් පන්දුවේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 215ක් පමණයි.
නේපාලය සිය මංගල එක්දින ක්‍රිකට් තරගයට සහභාගී වුයේ ද මෙම තරගාවලියේ පළමු තරගයේ දී වීම විශේෂත්වයක්.

Your Comments