එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීම ගැන ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක ටීම් පේන් කතා කරයි

19

එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් තමාව ඉවත් කරනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටි බව ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ටිම් පේන් පවසනවා.
එය පුදුමයට කරුණක් නොවන බවත්, ජූනි මාසයේ තමා නායකත්වය ලබා දුන් එංගලන්ත එක්දින තරගාවලිය සිය අවසන් එක්දින ක්‍රිකට් තරගාවලිය බවට පත්වන්නේයැයි තමා දැන සිටි බවත්, ටිම් පේන් සදහන් කළා.
පසුගියදා ඔහුව ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කර ඒ වෙනුවට  20යි 20 නායක ආරෝන් ෆින්ච් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමටයි එරට ක්‍රිකට් ආයතනය කටයුතු කළේ.
එළඹෙන දකුණු අප්‍රිකා තරගාවලිය සදහා නම් කළ එක්දින සංචිතයට ද ටිම් පේන් නම් කර නැහැ.
සංචාරක දකුණූ අප්‍රිකානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැතවෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන ඉරිදා පර්ත් හී දී ආරම්භ වීමට නියමිතයි.

Your Comments