එංගලන්ත – ශ්‍රී ලංකා පුහුණු ක්‍රිකට් තරගය අතහැර දැමේ

4

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවන පුහුණු එක්දින ක්‍රිකට් තරගය අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ, කොළඹ ප්‍රදේශයට මේ වන විට පවතින අධික වර්ෂාවෙන් හේතුවෙන්.
වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයේ කාසියේ වාසිය උරගා බැලීමක් ද සිදු කෙරුණේ නැහැ.
කණ්ඩායම් දෙක අතර ඊයේ පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 43ක ජයක් හිමි කර ගත්තේ එංගලන්ත කණ්ඩායමයි.
දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 10 වනදා ආරම්භ වීමට නියමිතයි.

 

Your Comments