එංගලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පුහුණු තරගයේ අවසන් දිනය අද

5

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන දෙදින පුහුණු ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුළු 6ක් දැවි ලකුණු 210ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.
එහිදි බෙන් ස්ටොක්ස් ලකුණු 53ක් ලබා ගත් අතර සෑම් කරන් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 48ක්.
පන්දු යැවීමේදි ලහිරු කුමාර ලකුණු 19කට කඩුළු 3ක් බිඳ හෙළුවා.
තරගය පැවැත්වෙන්නේ කොළඹ සී.සී.සී ක්‍රිඩාංගනයේදීයි.

 

Your Comments