එංගලන්තය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර තරගයේ දෙවන දිනය අද

5

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැත්වෙන දෙදින පුහුණූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන හා අවසන් දිනය අදයි.
මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා මීට සුළු මොහොතකට පෙර කඩුළු 2 ක් දැවී ලකුණු 103 ක් ලබා සිටියා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පළමු ඉනිමට කඩුළු 9ක් දැවී ලකුණු 392ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 289 ක් පිටුපසින් පසුවනවා.

 

Your Comments