එංගලන්තය සමග පැවැති පුහුණු තරගයේදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකයෙකුගේ හිසේ පන්දුවක් වැදී රෝහල් ගත කරයි

5

එංගලන්තය සමග අද පැවති පළමු පුහුණු තරගයේ දී පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම නියෝජනය කරන පැතුම් නිශ්ශංක රෝහල් ගත කර තිබෙනවා.
එංගලන්ත පළමු ඉනිමේ 56 වන පන්දුවාරයේ දී මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
දග පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් යොමු කළ පන්දුවකට ජොස් බට්ලර් එල්ල කළ පහරක් ෂෝර්ට් ලෙග්හි හිස් ආවරණයක් සහිතව පන්දු රකිමින් සිටි පැතුම් නිශ්ශංකගේ හිස ප්‍රදේශයේ වැදී ඇති බව සදහන්.
ඔහුට ක්ෂණික ප්‍රතිකාර ලබා දීම සදහා එංගලන්ත කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායමේ උපකාර ද ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව ගිලන් රථයක් මගින් පැතුම් නිශ්ශංක රෝහල් ගත කිරීමට කටයුතු කෙරුණා.
 

Your Comments