Home ක්‍රීඩා පුවත් එංගලන්තය, පා පන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට

එංගලන්තය, පා පන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට

5

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙවන වටයේ අවසන් තරගයේ දී කොලොම්බියාව පරාජයට පත් කරමින්.
තරගයේ නියමිත කාලය සහ ලබා දුන් අමතර කාලය අවසන් වුණේ කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් වාර්තා කර තිබියදීයි.
ඒ හේතුවෙන් දඩුවම් පහර ලබා දී තරගයේ ජයග්‍රාහකයා තේරීමටයි කටයුතු කෙරුණේ.
එහිදී දඩුවම් පහර 4-3ක් ලෙස තරගය ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.
මේ අතර, තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ස්විඩනය ද ඊයේ සමත් වුණේ ස්විට්සර්ලන්තය ගෝල එකට බින්දුවක් ලෙස පරාජයට පත් කරමින්.

Share this Article!

Your Comments