ඉන්දු – කොදෙව් දෙවන එක්දිනතරගය ජය පරාජයෙන් තොරයි

5

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණූ සම වීම හේතුවෙන් ජය පරාජයකින් තොරව අවසන් වුණා.
විසාකාපට්නම්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 6ක් දැවී ලකුණු 321ක් ලබා ගත්තා.
විරාට් කෝලි නොදැවී ලකුණු 157යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට ද කඩුලු 7ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකණූ 321ක් පමණයි.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තවදුරටත් තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව සිටිනවා.
මේ අතර කොදෙව්වන් සමග පැවැති දෙවන වන එක්දින ක්‍රිකට් තරගයේ දී තවත් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඉන්දීය නායක සහ සුපිරි පිතිකරු විරාට් කෝලි සමත් වුණා.
ඒ, එක්දින ලකුණු දසදහසේ සීමාවට ළගා වූ ලොව වේගවත්ම සහ අවම ඉනිම් සංඛ්‍යාවක් වැය කළ පිතිකරුවා වෙමින්.
ඔහු ඒ සදහා වැය කර තිබූ ඉනිම් සංඛ්‍යාව 205ක්.
මීට පෙර අදාළ වාර්තාවට හිමිකම් කීවේ ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර්.
 

Your Comments