ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2

සංචාරක බටහිර ඉන්දීය කොදෙව්  කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර රාජ්කොට් හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.
ඊයේ දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 364ක් ලබා සිටියා.
එහිදී 18 හැවිරිදි ප්‍රිත්වී ෂාවු ලකුණු 134ක් රැස් කළා.
නොදැවී පන්දුවට පහර දෙන විරාට් කෝලි ලකුණු 72ක් සහ රිෂාබ් පාන්ට් ලකුණු 17ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

 

Your Comments