ඉන්දීය – එංගලන්ත සිව්වන ටෙස්ට් තරගයේ තෙවන දිනය අද

8

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන 4 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය අදයි.
ඊයේ දිනට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 6ක් ලබා සිටියා.
සදම්ටන්හි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 246ක් ලබා ගත්තා.
අනතුරුව ඉන්දියාව සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 273ක්.
චෙටස්වර් පුජාරා නොදැවී ලකුණු 132 ක් රැස් කළ අතර පන්දු යැවීමේ දී මොයින් අලී කඩුලු 5ක් බිද හෙලුවා.
ඒ අනුව මේ වන විට එංගලන්ත කණ්ඩායම ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 21ක් පිටුපසින් පසුවනවා.

Your Comments