ආසියානු කුසලාන යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් තරගය ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර

3

2018 ආසියානු කුසලාන යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය  මේ වන විට ඩකා හීදී  පැවැත්වෙනවා.
ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව පළමුවෙන් පුන්දවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කළුළු 7ක් දැවී ලකුණු 207 ක් ලබා ගත්තා.
මේ අතර තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව ඊයේ සමත් වුණා.
ඒ පළමු අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ලකුණු 2කින් පරාජයට පත් කරමින්.

 

Your Comments