ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ අවසන් තරගය එමීර් රාජ්‍ය සහ හොංකොං කණ්ඩායම් අතර

5

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ හොංකොං කණ්ඩායම් සමත් වුණා.
ඒ, අදාළ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවන ස්ථාන හිමි කර ගනිමින්.
එක්සත් අරාබි කණ්ඩායම, ඔවුන් සහභාගී වූ තරග 5න් තරග 4ක් ජය ගැනීමට සමත් වුණා.
හොංකොං කණ්ඩායම ජයගත් තරග සංඛ්‍යාව 3ක්.
අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සදහා කණ්ඩායම් 6ක් තරග වැදුණු අතර හෙට පැවැත්වෙන අවසන් තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 15 වනදා ආරම්භ වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබනු ඇති.

Your Comments