අවසන් තරගයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

11

සිම්බාබ්වේ හි පැවැත්වෙන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පාකිස්තානයට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මේ වන විට පළමුවෙන් පන්දුවට පහර දෙන ඔවුන් මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 5ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 38 ක් ලබා සිටියා.

තරගය පැවැත්වෙන්නේ හරාරේ නුවර දීයි.

Your Comments