Home ක්‍රීඩා පුවත් අයර්ලන්තයට එරෙහිව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට පහසු ජයක්

අයර්ලන්තයට එරෙහිව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට පහසු ජයක්

2

අයර්ලන්තය සමග පැවැති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ද පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඩබ්ලින් නුවර පැවැති තරගයේ දී අයර්ලන්තය, ඉන්දියාව හමුවේ පරාජයට පත් වූයේ ලකුණු 143කින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4ක් දැවී ලකුණු 213ක් ලබා ගත් අතර කේ . එල් රාහුල් ලකුණු 70ක් සහ සුරේෂ් රයිනා ලකුණු 69ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 12.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 70ක් පමණයි.
පන්දු යැවීමේ දී කුල්දීප් යාදෙව් සහ යුස්වේන්ද්‍ර චහෙල් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
ඒ අනුව දෙරට අතර පැවැති තරග 2කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගත්තේ ඉන්දියාවයි.

Your Comments