Home සේයා රූ බෙන්තර නදිය අසබඩ දී සිත නිවා සැනසෙන්නට …

බෙන්තර නදිය අසබඩ දී සිත නිවා සැනසෙන්නට …

9

දකුණු ලකට පිවිසෙන සෑම අයෙකුගේම නෙත ගැටෙන පරිදි බෙන්තර නදිය අසබඩ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ඉදිකර තිබෙන්නේ ලෝක විදූ මුද්‍රාවෙන්.
ඒ බෙන්තොට උඩ කොටුව බෝධි සමීප භීමතිත්ත රාජමහා විහාරාධිපති ශ‍්‍රාස්ත‍්‍රපති පූජ්‍ය බෙන්තර ජිනානන්ද ස්වාමීන්ගේ සංකල්පයක් අනුවයි.
ලෝක විදූ මුද්‍රාවෙන් කරවන ලද සුවිසල් බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් 2017 වසරේදී විවෘත කරනු ලැබුවා.
එහි ප‍්‍රවිෂ්ට මාර්ගය හා දේව මන්දිරය විවෘත කෙරුණේ ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින්.

මේ අතර රජයේ දින සියයේ වැඩසටහන යටතේ වෙන් කරන ලද ප‍්‍රතිපාදන මගින් රුපියල් ලක්ෂ 15 ක වියදමින් බෙන්තර අංගාගොඩ 02 ග‍්‍රාම නිළධාරි වසමේ ඉදි කරන ලද බහු කාර්ය ගොඩනැගිල්ල අද (02) විවෘත කෙරුණා.

මහල් තුනකින් ඉදිකිරීමට නියමිත ගොඩනැගිල්ලේ පළමු අදියර ලෙසට මෙහි බිම් මහළ ඉදි කර තිබෙනවා.
මෙමගින් ප‍්‍රදේශයේ ජනතාවට එක වහළක් යට දී ග‍්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිළධාරි හා ආර්ථික සංවර්ධන නිළධාරි යන රාජ්‍ය නිළධාරින්ගේ සේවය ලබා ගැනීමට පහසුකම් සපයා තිබෙනවා.
දෙවන මහලේ ශ‍්‍රවණාගාරයක් ඉදිකිරීමට නියමිතයි.

2017 මැයි මාසයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ අය වෙනුවෙන් අවසන් අදියරේ වන්දි වශයෙන් පවුල් 30ක් සදහා රුපියල් ලක්ෂ 30ක වන්දි මුදලක් ප‍්‍රදානය ද සිදු කරනු ලැබුවා.

 

 

Your Comments