මීටර් 100න් නව තරග වාර්තාවක් – සමස්ත ශූරතාව මහවැලි H කලාපයට – 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙල අවසන්
අනුර ප්‍රේමකුමාර

33

ස්වයංපෝෂිත යුගයක් මහවැලි තාරුණ්‍යයට අපමණ අගයක් යන තේමාවෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවැති 30 වැනි මහවැලි ක්‍රීඩා උළලේ ජනාධිපති කුසලානය මහවැලි එච් කලාපය විසින් දිනාගත්තා. අනුශූරයන් වූයේ වලව කලාපයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස පැවැති සමාප්ති උත්සවයේදී මහවැලි ආරක්ෂක බලකායේ ආරක්ෂක උත්තමාචාරය පිරිනැමිමෙන් අනතුරුව ක්‍රීඩා උළලේ අවසන් ධාවන තරග ඉසව් ආරම්භ කෙරුණා. එහිදී මීටර් 100 කාන්තා ඉසව්ව තත්පර 12කින් තරගය අවසන් කළ වික්ටෝරියා කලාපයේ ෆාතිමා යමීන් ක්‍රීඩිකාව නව තරග වාර්තාවක්ද සමගින් තරගය අවසන් කළ අතර ඇය ක්‍රීඩා උළලේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙසටද පත්වූවා.
මීටර් 100 පිරිමි ඉසව්ව ජයගත් වලව කලාපයේ සුරාජ් දිනූෂ ක්‍රීඩකයා ක්‍රීඩා උළලේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වූවා. ඔහු තරගය නිම කළ කාලය තත්පර 10.8කි. මීටර් 100X4 කාන්තා සහය දිවීමේ ඉසව්ව සහ 400×4 පිරිමි සහය දිවිමේ තරගවලින් ජයගනු ලැබුවේ වලව කලාපයේ කණ්ඩායමයි.
ඉන් අනතුරුව යුද හමුදා තූර්ය වාදක කණ්ඩායම පෙරටු කර ගත් ආචාර පෙළ පාලිය ආරම්භ කෙරුණා. මේ සඳහා කලාප 10ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධ වූ අතර ශ්‍රී ලංකා යුද හමුදාව අංගම්පොර සංදර්ශනයක්ද පවත්වනු ලැබුවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව අඩි 12000ක් පමණ ඉහළ අහසේ සිට පැන පැරෂුට් සංදර්ශනයක්ද පැවැත්වුණා. පොලිස් නිල සුනඛ සන්දර්ශනයක්ද ශ්‍රී ලංකා පොලිසිය විසින් පවත්වනු ලැබුවා.
ක්‍රීඩා උළලේ ජවන හා පිටිය කාන්තා ශූරතාවය වලව කලාපය දිනාගත් අතර පිරිමි ශූරතාව දිනාගත්තේ මහවැලි එච් කලාපය දිනාගනු ලැබුවා. ක්‍රීඩා උළලේ දක්ෂතම ක්‍රීඩිකාව වික්ටෝරියා කලාපයේ ෆාතිමා සෆියා යමින්. සමස්ත පදක්කම අනුශූරතාව කොත්මලේ වික්ටෝරියා කලාපයත් ශූරතාවය වලව කලාපයත් හිමි කර ගත්තා. ක්‍රීඩා උළලේ සමස්ත අනුශූරයන් ලෙස වලව කලාපය සම්මාන දිනාගත් අතර සාමස්ත ක්‍රීඩා උළලේ ශූරයන් බවට පත්වූයේ මහවැලි එච් කලාපයයි.
සමාප්ති උත්සවය සඳහා ආසියානු දැල්පන්දු ශූරියන්ද පැමිණ සිටි අතර ඔවුන්ටද විශේෂ සමරු සම්මානයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පිරිනැමුණා. මීට අමතරව ශ්‍රියාණි කුලවංශ, දමයන්ති දර්ශා සහ ජූලියන් බෝලිං ද ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවැති 30 වැනි මහවැලි ක්‍රීඩා උළලේ පැවැති සමාප්ති උත්සවය සඳහා සහභාගි වූවා.
සමාප්ති උත්සවය සඳහා රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ, ඇතුළු දේශපාලනඥයින් රැසක් සහභාගි වී සිටියා.

සමාප්ති උත්සවය අමතමින් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා…

Your Comments