Home සේයා රූ අභිනව සිංහාධිපති උදය ජයසූරිය හරිත කොදෙව්වකට මුල පුරයි

අභිනව සිංහාධිපති උදය ජයසූරිය හරිත කොදෙව්වකට මුල පුරයි

79

ජාත්‍යන්තර සිංහ සමාජ 306 – A2 දිස්ත්‍රික් සිංහාධිපති මෙල්වින් ජෝන්ස නාමධාරී සිංහ උදය ජයසූරිය සමාජ සේවාවන් සදහා සිව් වැදෑරුම් සංකල්ප සහිත වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අතර හරිත කොදෙව්ව (Green Islet) වැඩසටහන ප්‍රධාන පරිසර වැඩසටහනක්.
අභිනව සිංහාධිපතිවරයා ධුරයේ වැඩකටයුතු ඇරඹීමට පෙරයි මෙම සිව් වැදෑරුම් සංකල්පය අනාවරණ කළේ.

ඇමරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 101වන ජාත්‍යන්තර සිංහ සමාජ සම්මේලනයේ දී සිංහාධිපතිවරයෙකු ලෙස උදය ජයසූරිය මහතා දිව්රුම් දෙනු ලැබුවා.

අභිනව සිංහාධිපතිවරයා අද උදෑසන (07) දිවයිනට පැමිණි අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී දිස්ත්‍රික්කයේ සිංහ සාමාජික සාමාජිකාවන් විසින් පිළිගනු ලැබුවා.

විශේෂ රථ පෙළහරකින් අභිනව සිංහාධිපතිවරයා කැඳවාගෙන පිළිගැනීමේ ප්‍රධාන උත්සවය පිළියන්දල, බෝකුන්දර, වීරසිංහ මාවතේ ශ්‍රී ධම්ම සමාධි විහාරස්ථානයේ දී පැවැත්වුණා.

බුද්ධ පූජාව, අෂ්ඨ පරිස්කාර පූජාව ඇතුළු ආගමික වතාවත්වලින් අනතුරුව විශේෂ රුක් රෝපණ වැඩසටහනකටද සිංහාධිපතිවරයා සහභාගී වූවා.

Share this Article!

Your Comments