Home සේයා රූ අග්නිදිග ආසියාවේ විශාලතම මුචලින්ද නාගදරණ සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේ (සටහන හා...

අග්නිදිග ආසියාවේ විශාලතම මුචලින්ද නාගදරණ සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේ
(සටහන හා ඡායාරූප - සුනෙත් ගාල්ලගේ)

21

අග්නිදිග ආසියාවේ විශාලතම මුචලින්ද නාගදරන සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනාමානයට නිරාවරණය කිරීම පිංකම පසුගියදා කතරගම කාවන්තිස්සපුර ධම්මවිචය විහාරස්ථානයේදී සිදු කෙරුණා.
පෙරදින රාත්‍රි පිරිත් සඡ්ජායනාවක් පැවති අතර හයවන (06) දින අලුයම යෙදුණු සුබ නැකිතින් පිළිම වහන්සේගේ නේත්‍ර ප්‍රතිශ්ඨාපණය සිදුවූයේ මහා සංඝරත්නය ඇතුළු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්.

ඉන් පසුව ප්‍රතිමා වහන්සේට අටපිරිකර දහසක් පූජා කිරීමේ අති දුර්ලභ පුණ්‍යකර්ම පැවැත්වුණා.

පසුව අළුයම හයට පමණ ප්‍රථම කිරි ආහාර පූජාව සිදුකෙරුණා.

එදින උදෑසන 9.40ට යෙදුණු සුබ ⁣නැකතින් ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරුණේ සියනෑ කෝරලේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික වාරණ රජමහා විහාරාධිපති අති පූජ්‍ය දොම්පෙ පුණ්‍යසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමෙන් අනතුරුව සියලු පළාත් නියෝජනය වන පරිදි වැඩම කළ පන්සිය නමක් වූ මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානය පිරිනැමුණා.

Your Comments