LTTE ඇඳුම් හා ක්ලේමෝ බෝම්බ තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි

12

එල්.ටී.ටී. සංවිධානයේ ඇදුම්, කොඩි හා ක්ලේමෝ බෝම්බ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (22) අලුයම මුලතිව් ඔඩ්ඩුසුඩාන් මාර්ග‍යේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
සැකකරුවන් ත්‍රිරෝද රථයකින් භාණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි අවස්ථාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් තිදෙනෙකු ත්‍රිරෝද රථයේ පැමිණ ඇති අතර, අත්අඩංගුවට ගැනීම සිදුකරන අවස්ථාවේ පුද්ගලයෙකු පළාගොස් ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කළා.
භාණ්ඩ හා උපකරණ කුමන හේතුවක් මත ගෙන ආවේද යන්න සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments