ලැඟුම්හලේ ගණිකා ජාවාරම 2000න් අල්ලයි

98

දුම්මලකොටුව ප්‍රදේශයේ ලැඟුම් හලක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක් වටලා එහි සිටි කාන්තාවන් 4 දෙනෙකු  හා ලැඟුම්හලේ කළමණාකරු  අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ  සිරිගම්පල, ගම්පහ, අම්බලන්තොට හා මාදම්පේ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30ත් 40ත් අතර  කාන්තාවන් පිරිසක් හා දන්කොටුව තාමරකුලියේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.
පොලිස් උපාය දූතයෙකු යොදවා රුපියල් 2000ක් ලබාදි කාන්තාවක් වෙන්කර ගන්නා අවස්ථාවේ ඊයේ (22) රාත්‍රියේ වැටලීම කර තිබෙනවා.
වැටලීමත් සමග එහි සිටි කාන්තාවන් පිටුපස දොරකින් පලාගොස්‌  ඇති අතර පොලිසිය  ඔවුන් හඹාගොස් අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකාරියන් හා කළමණාකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Your Comments