සරසවියෙන් බෝම්බයක් හමුවෙයි
(වවුනියාව - මාධව කුලසූරිය)

11

යාපනය විශ්ව විද්‍යාල භූමියේ කෝවිලක් ආසන්නයේ තිබි අත් බෝම්බයක් අද (14) උදැසන සොයාගෙන තිබෙනවා.
යාපනය පොලිසිය පැවසූවේ පිළිසකර කිරීමක් වෙනුවෙන් පිරිසක් බිම කැණීමකදී බෝම්බය මතුව ඇති බවයි.
පොලිසිය පැවසූවේ සොයාගත් බෝම්බය පැරණි තත්වයේ පවතින අතර, යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වෙත භාරදුන් බවයි.

Your Comments