වැලිගම හෝටලයක වෙඩි තැබීමක්

42

මාතර, වැලිගම, මිදිගම, ගුරුබැබිල ප්‍රදේශයේ හෝටලයකට අද (20) අලුයම එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අතර ඩුබායි සිට පැමිණි දෙදෙනෙකු ද සිටින බවයි සඳහන් වෙන්නේ.
වැලිගම මූලස්ථාන පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි.
පිරිසක් සාදයකට සහභාගී වී සිටියදී අහස දෙසට වෙඩි තැබීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.
හෝටල් භුමියේ තිබී ජීව උණ්ඩ හයක් හා හිස් පතොරම් කොපු තුනක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
පොලිස් නිල සුනඛයන් ද කැඳවා විමර්ශන ක්‍රියාත්මකයි.

Your Comments