කහල්ල රක්ෂිතයේ මහා පරිමාණ දැව ජාවාරමක් වටලයි

20

කහල්ල, පල්ලෙකැලේ රක්ෂිතය තුළ මහා පරිමාණ දැව ජාවාරමක් වැටලීමට ගල්කිරියාගම වනජීවී නිලධාරීන් සමත් ව තිබෙනවා.

කාලයක සිට ජාවාරම් කරුවන් විසින් එහි තේක්ක ගස් කපා වැලි ටිපර්වල සඟවා ඒවා ප්‍රවාහනය කර ඇති බවටයි හෙළිව ඇත්තේ.

ජාවාරමේ නිරත පුද්ගලයන් දෙදෙනෙකු සමග ටිපර් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් පස්දෙනෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Your Comments