විල්ගමුවේ දී ට්‍රැක්ටරයක් පෙරළී 26කට තුවාල

14

විල්ගමුව කාපට් හන්දියේ දී ට්‍රැක්ටරයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් හෙට්ටිපොල රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ.
ඉන් 16 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගණය රෝහලට මාරු කර යැවුණා.
විල්ගමුව හසලක මාර්ගයේ නුගේගොල්ල දෙසට ධාවනය වූ ට්‍රැක්ටරයක ටේලරය ගැලවී ගොස් පෙරළී තිබෙනවා.
එහි ගමනගත් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

Your Comments