ට්‍රැමඩොල් වර්ගයේ මත්පෙති 70,000ක් සමග යුවළක් කොටු

14

ට්‍රැමඩොල් වර්ගයේ මත්පෙති 70,000ක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු සහ සැකකාරියක මාන්කුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම 4.30ට පමණ සෙට්ටිකුලම, මාන්කුලම් ප්‍රදේශයේ දී වැටලීම සිදු කල බවයි යාපනය කොට්ඨාශ දූෂණ මර්දන අංශය පැවසුවේ.
එහිදී මෝටර රථයකින් මත පෙති ප්‍රවාහනය කළ යුවළ අත්අඩංගුවට ගැනුණා.
ඔවුන් මාතලේ සහ කැලණිය ප්‍රදේශවල පදිංචි 24 සහ 18වන වියේ පසුවන්නන්.

Your Comments