Home Top Stories පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනය අද

පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනය අද

35

පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් අද සංශෝධනය කිරීමට නියමිතයි.

නව මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කිරීමටයි රජය තීරණයක් ගෙන ඇත්තේ.

ඒ අනුව මිල සංශෝධන කමිටුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි.

නව මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශ කෙරෙනු ඇති.

මිල සංශෝධන කමිටුව මහා භාණ්ඩාගාර සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ නිලධාරීන් පිරිසකගෙන් සමන්විතයි. .

පසුගිය මාසයේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන්වල බරපතල වෙනසක් සිදුව නොමැති බැවින් අද මිල සංශෝධනයෙන් දැඩි බලපෑමක් එල්ල නොවනු ඇති බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංග මහතා පාර්ලිමෙන්තුවෙදී පවසා තිබුනේ ඉන්ධන මිළ ඉහල යා හැකි බවටයි.

අවසන් වරට ප්‍රෙටල් සහ ඩීසල් මිල සංශෝධනය වූයේ, පසුගිය මස 10 වන දා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 08කින් ද , ඔක්ටේන් 95 රුපියල් 07කින් ද ඩීසල් ලීටරයක් රුපියල් 09කින් ද සුපර් ඩීසල් රුපියල් 10කින් ද ඉහළ ගියා.

Your Comments