බිම්බෝබයක් පෑගී සිසුවෙක් රෝහලට

17

යාපනය මුහමාලෙයි කැලෑබඳ ප්‍රදේශයකදී බිම් බෝම්බයක් පෑගී එය පුපුරා යාමෙන් සිසුවෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
තුවාල ලබා ඇත්තේ මුහමාලෙයි එලුදුමට්ටුවාල දකුණ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවෙක්.
පිපිරීමෙන් සිසුවාගේ අත්වලට හානි සිදුව ඇති අතර එක් අතක් ඉවත් කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවට රෝහල් වෛද්‍යවරුන් පවසා ඇති බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.
සිසුවා යාපනය මහරෝහලේ ප්‍රතිකාර ලබනවා.

Your Comments