5000 ව්‍යාජ නෝට්ටු 21ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

8

රුපියල් 5000 සහ රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 21 සමඟ පුද්ගලයන් දෙදෙනෙකු  යාපනය වඩුකෝට්ටේ   පොන්නාලෙයි හංදියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා  පොන්නාලේ හන්දියේ වෙළෙඳසැල් කිහිපයක් වෙත ගොස් මෙම ව්‍යාජ මුදල්  මාරු කරමින් සිටියදී මෙලෙෂ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ  මොවුන් දෙදෙනා සතුව  රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 20 ක් හා දහසේ නෝට්ටුවක් තිබු බව ද පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙම ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම සඳහා යොදාගෙන තිබු මුද්‍රණ යන්ත්‍රයක් හා ලැප්ටොප් යන්ත්‍රයක් ද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.

 

Your Comments