රංජන්ට එරෙහි නඩුව ලබන වසරට කල් යයි

12

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිල්ල පෙබරවාරි මස 26  වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කර තිබෙනවා.

ඒ, එම පැමිණිල්ල ඊවා වනසුන්දර සහ එල්. ටී.බී .දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා  අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම පැමිණිල්ලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත්කළ නොතීසිය තම සේවාදායකයා වෙත ලැබී නොමැති බවයි.

නමුත් ඔහු අද දින අධිකරණය හමුවේ පෙනී සිටින බව ද හෙතෙම අධිකරණයට  දන්වා සිටියා.

Your Comments