‘දෙවන විශාලතම හෙරොයින් තොගයේ’ සැකකරුවන් දින 7කට රඳවා ගනී

17

මෙතෙක් ශ්‍රී ලංකාවෙන්  සොයාගත් දෙවන විශාලතම හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත්  සැකකරුවන් දෙදෙනා දින 7ක් රඳවා  ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

හෙරොයින් තොගයක් සොයා ගැනුණේ ඊයේ (05) බේරුවල සහ බලපිටිය  අතර නාවුක සැතපුම් 3ක් පමණ මුහුදේදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් තිබියදී.

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ වැටලීමෙන්  සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගත්තා.
 
කිලෝග්‍රෑම් 231යි ග්‍රෑම් 54ක හෙරොයින් තොගය පකිස්ථානයේදී ඇසුරුම් කර ඇති බවටයි  අනාවරණය වී ඇත්තේ.

සීනි උර 11ක පාර්සල් 214ක් ලෙස හමුවූ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 2,778 කට අධිකයි.

වසරේ ගතවූ කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 430ක තොඟයක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.
එම ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 37,304 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

මේ අතර මෙරට දී සොයා ගැනුණු දෙවන විශාලතම හෙරොයින් තොගය  අද  (06) පොලිස්පති විසින්  නිරීක්ෂණය කළා.

මෙරට දී විශාලතම හෙරොයින් තොගය සොයා ගැනුනේ දී 2013.08.30 වනදායි.
කිලෝ 261කට අධික එම ප්‍රමාණය සොයා ගැනුනේ ඔරුගොඩවත්ත සීනි කන්ටේනරයක තිබියදී.

ශ්‍රී ලංකාවෙන් සොයාගත් දෙවන විශාලතම හෙරොයින් තොගය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ශ්‍රී ලංකාවෙන් සොයාගත් දෙවන විශාලතම හෙරොයින් තොගය පොලිස්පතිගේ නිරීක්ෂණයට

Posted by News24 on Thursday, December 6, 2018

Your Comments