මාර්ගයේ අවදානම තවත් ඉහළට
(හැටන් - රංජිත් රාජපක්ෂ / මනුර සුදත් සෙල්ලහේවා)

14

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු තවදුරටත් අත්හිටුවා ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

අද අලුයම වන විටත් එම ප්‍රදේශ ආශ්‍රීතව නායයම සක්‍රියවී ඇති බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

හැටන් බගවන්තලාව, හැටන් මස්කෙලිය සහ  හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වෙලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහලින් වු ප්‍රධාන මාර්ගයේ කොටසක් හා ප්‍රධාන මාර්ගය අභියස නිවාස පහක් නායයාමේ අවදානමට ලක්ව තිබෙනවා.

ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයාම හේතුවෙන් ගමනාගමනය එක් මං තිරුවකට සීමා කෙරුණා.

කෙසේ වෙතත් ඊයේ දහවල්වනවිට මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමුනේ  මාර්ගය ගිලා බැසිමේ අවදානමකට ලක්වීම හේතුවෙන්.

නායයාම සක්‍රිය වී ඇති  ස්ථානයේ පදිංචිව සිටි  පවුල් පහකට අයත් සමාජිකයන් 23 දෙනෙකු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත ස්ථිරවම එම නිවාස වලින් ඉවත් කර ඇති අතර එම පිරිස්  ඥාති නිවෙස්වලට යොමු කර තිබෙනවා.

Your Comments