අයහපත් කාළගුණයෙන් 8 දෙනෙකු මරුට – තිස් දහසකට පීඩා

12

අධික වැසි සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 8ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ, එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා.

දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට දිනයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බොහෝ ප්‍රදේශවලට පස්වරු 2න් පමණ පසු වැසි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බෙංගාලබොක්ක ප්‍රදේශයේ වර්ධනය වන අඩුපීඩන කළාපයක් හේතුවෙන් මෙම වැසි තත්ත්වය ඇතිවී තිබෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුළ කරුණානායක මහතා NEWS24 වෙත සඳහන් කළා.

කාළගුණ තත්ත්වය පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුළ කරුණානායක මහතා.

 

Your Comments