කාසල්රි ජලාශයට ජීවය දෙයි
( හැටන් - රංජිත් රාජපක්ෂ)

52

ජාතික විදුලිබල පද්ධතියට අයත් ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයට ප්‍රදේශවාසින්  හා අවට තේ වතු වලින් විසින් මුදා හැර ඇති දිරා නොයන ඝන අපද්‍රව්‍ය ඉවත් කිරිමේ ශ්‍රමදානයක් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමර මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරුණා.

හෙක්ටයාර් 285ක වපසරියකින් යුත් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් බගවන්තලාවේ සිට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ ජලය ජලාශයට එකතුවන ස්ථානයේ හා හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළේ  ජලය ජලාශයට එකතු වන ස්ථානයේ එක් රැස් වි ඇති ඝන අපද්‍රව්‍යය සහ ජලාශයේ වටා  එක්රැස්වී  තිබු  ඝන අපද්‍රව්‍යයි ඉවත් කරනු ලැබුවේ.

ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යයාලය මගින් සංවිධානය කර තිබු ශ්‍රමදාන කටයුත්තට සමගාමිව කෙසෙල්ගමුඔයේ දෙපස පදිංචිකරුවන් සහ දික්ඔය ඇළ අවට පදිංචිකරුවන්ට ජලාශයට ඝන අපද්‍රව්‍යය මුදා නොහරින ලෙසට දැනුවත්කිරිමේ වැඩසටහනක්ද  ක්‍රියාත්මක කෙරුණා.

කාසල්රි ජලාශයට විශාල වශයෙන් ඝන අපද්‍රව්‍ය එකතු  විම නිසා ජලාශය විශාල වශයෙන් පරිසර හානියකට ලක්ව තිබු අතර, පැවති තත්ත්වය හේතුවෙන් එම  ජලාශයේ ධීවර කර්මාන්තයතයටද එය දැඩි තර්ජනයක්ව තිබුණා.

තවදුරටත් එම ජලාශයට ඝන අපද්‍රව්‍යය මුදා හරින අයට එරෙහිව නිතිමය පියවර ගන්නා බවටද මෙහිදිඅවධාරණය කෙරුණා.

කාසල්රි ජලාශය විදුලි උත්පාදනයට මෙන්ම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයටද විශාල දායකත්වයත් සපයන අතර මෙම ජලාශය පිරිසිදුව තබා ගැනිමේ වගකිම ප්‍රදේශවාසින්ගේ වගකිමක් බවයි නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියේ.

ශ්‍රමදාන  කටයුත්තට නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සහ හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් හා සේවකයන් මෙන්ම, එම ජලාශයේ ධීවර සමිති සමාජිකයන්, විදුලි බල මණ්ඩලයේ සේවකයින්, ලක්ෂපාන  යුධ හමුදා කඳවුරේ නිලධාරින්, නාවික හමුදාවේ නිලධාරින්, පොලිසියේ නිලධාරින්, වතු කම්කරුවන්, අඹගමුව  ප්‍රාදේශිය කාර්යයාලයේ නිලධාරින් මෙන්ම ප්‍රදේශවාසින් රැසක්  ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටියා.

මෙම ජලාශයෙන් එක්රැස් කරගත් ප්ලාස්ටික් වතුර බොතල් නල්ලතන්නිය රිකාටන් කැලි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයට සහ අනෙකුත් ඝන අපද්‍රව්‍යය නුවරඑලිය මහ නගර සභාව වෙත රැගෙන ගොස් භාර දිමට මෙම ශ්‍රමදාන කටයුත්ත සංවිධානය කල ජාතික ජලජ ජිවි නුවරඑලිය කාර්යයාලයේ නිලධාරින් කටයුතු කර තිබුණා.

 

 

Your Comments