හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් පුද්ගල ඝාතන තුනක තොරතුරු හෙළිවෙයි

32

හෙරොයින් ලග තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ බෝධිරාජ මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් මනුෂ්‍ය ඝාතන සිදුවීම් 3ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඒ රැදවුම් නියෝග යටතේ සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේයි.
ඒ අනුව සැකකරු පසුගිය පෙබරවාරි සහ මාර්තු මස කොළඹ ප්‍රදේශ කිහිපයකදී වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතන 3ක් පිළිබඳ තොරතුරු අනාවරණ කර තිබෙනවා.
බොරැල්ල කොටා පාර දුම්රිය හරස් මාර්ගයේදී, කොටහේන සහ මාලිගාවත්ත ප්‍රදේශවලදීත් එම ඝාතන සිදුකර ඇති බව සඳහන්.

Your Comments