හෙට සිට වැසි අඩුවෙයි – ගංගාවල ජල මට්ටමත් පහතට

8

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වලට විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
ඒ අනුව සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ වැසි ඇතිවිය හැකියි.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ  පවතින සුළිකුණාටුව ඉදිරියේදී ඉන්දියාවට ඇතුළු වනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර, රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නාය යාම් අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.
 ජලාශවල ජල මට්ටම ද මේ වන විට යම්තාක් දුරකට පහත බැස ඇති බවයි ඔහු කියා සිටියේ.

 

Your Comments