හිටපු අගවිනිසුරුවරයකු ගොනු කළ පෙත්සමක් අධිකරණයේ දී ප්‍රතික්ෂේප වෙයි

15

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වු ආකාරය නීති විරෝධි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අදාළ පෙත්සම ගොනු කර තිබුණා.

අදාළ පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අතර එහිදී බහුතර තීරණය මත අදාළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට නියෝග කෙරුණා.

සරත් එන්. සිල්වා මහතා පෙත්සම මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු නොකොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

කෙසේවෙතත් අදාළ පනත් කෙටුම්පත මේ වනවිටත් පාර්ලිමේන්තුවේ දී සම්මත වී ඇති නිසා ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් ඵලක් නොවන බව පෙත්සමට එරෙහි මුලික විරෝධතා මතු කළ නීතිපතිවරයා ඇතු`ඵ පාර්ශව කිහිපයක් අධිකරණය හමුවේ කියා සිටියා.

Your Comments