හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනය සීමා කෙරේ

7

මධ්‍යම කඳුකරයට ඇඳහැලෙමින් පවතින වැසි සහිත කාළගුණයත් සමග හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
හැටන්, ස්ටැඩන්වත්ත ප්‍රදේශයේ පස් කන්දක් මෙලෙස කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන් තීරුවකට සීමා කර ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු සඳහන් කළේ.
එම මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් කදු කඩා වැටීමේ අවධානමක් පැවතීම හේතුවෙන් හැටන් – කොළඹ මාර්ගය භාවිත කරන රියදුරන් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි පොලීසිය පවසන්නේ.
එමෙන්ම ප්‍රධාන මාර්ගයේ කදු ආශ්‍රිතව රථ වාහන ගාල් නොකරන ලෙස ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
පවතින අධික වර්ෂාවත් සමග කාසල් රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්න වී ඇති බව සඳහන්.

Your Comments