සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ජනතාවට ඉල්ලීමක්

11

ජාතික ඩෙංගු මර්ධන වැඩපිළිවෙලට සක්‍රීයව දායකත්වය ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඊසාන දිග මෝසම් වර්ෂාව ආරම්භයත් සමඟ ඉහළ යා හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කිරීමේ අරමුණින් ඊයේ දිනයේ සිට මෙම ඩෙංගු මර්දන සතිය ආරම්භ වුණා.
ලබන ඔක්තෝම්බර් 2 වන දා දක්වා ක්‍රියාත්මක මෙහි තේමාව වන්නේ ‘ඩෙංගුවලින් තොර රටක්’ යන්නයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ මෙම වැඩසටහන සඳහා රාජ්‍ය අංශයේ විශාල පිරිසක් දායකත්වය ලබා දී ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  කියා සිටියේ ඩෙංගු මර්ධන වැඩසටහන හෙට දිනයේ පාසල් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන බවයි.
 

Your Comments