Home Top Stories සුළිපුරම් දැරියගේ ඝාතනයට සැකපිට තරුණයන් දෙදෙනෙකු අත්ඩංගුවට

සුළිපුරම් දැරියගේ ඝාතනයට සැකපිට තරුණයන් දෙදෙනෙකු අත්ඩංගුවට

4

යාපනය, සුළිපුරම් ප්‍රදේශයේ දී හය හැවිරිදි පාසල් දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි වයස 17 සහ 18 වන වියේ පසු වන තරුණයින් දෙදෙනෙක්.

සැකකරුවන් මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 27 වන දා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ ඥාතියෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

යාපනය සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබී පසුගිය 25 වන දා දැරියාගේ මළ සිරුර සොයාගත් අතර, පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී අනාවරණ වූයේ ගෙල සිර කර ඇය ඝාතනය කර ඇති බවයි.

Share this Article!

Your Comments