Home දේශීය පුවත් සුළගේ වේගය තවත් ඉහළට

සුළගේ වේගය තවත් ඉහළට

14

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය තවදුරටත් ඉහළ යා හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අනුරාධපුර දිස්ත්‍රික්ක්කයේ සිහින් වැසි ඇතිවිය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ක පමණ තරමක තද වැසි බලාපොරෝත්තු විය හැකි බව සඳහන්.

මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝ මීටර 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Your Comments