සුවසැරිය දෙවන අදියරට ගිලන් රථ 209ක්

17

සුවසැරිය ගිලන්රථ සේවාවේ දෙවන පියවර අදින් ආරම්භ වනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය මහනගර සභා ක්‍රීඩාංගනයේදී එහි සමාරම්භක උත්සවය පැවැත්වෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද රූපවාහිනී තාක්ෂණය මගින් ඉන්දියාවේ සිට මෙම උළෙල සජීවීව ඇමතීමට නියමිතයි.

ඉන්දීය රජය මගින් අමෙරිකානු ඩොලර් මිලියන 15ක් මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දී ඇති බව සඳහන්.

ඒ යටතේ නව ගිලන් රථ 209ක් යෙදවීමට නියමිත අතර, තරුණයින් 1,782 දෙනෙකු පුහුණු කර සේවයේ යෙදවීමටයි සැලසුම් කර ඇත්තේ.

19 90 දුරකතන අංකයට ලැබෙන ඇමතුම් මතයි සුවසැරිය ගිලන් රථ සේවාව ක්‍රියාත්මක වන්නේ.

Your Comments