සිසුන් පිරිසක් ප්‍රධාන ශිෂ්‍යනායකට පහරදෙයි
සැත්කම බරපතලයි - ජාතික රෝහලට යැවෙයි

6

සිසුන් පිරිසක් කළ පහර දීමක් හේතුවෙන් හලාවත මැරවල සවරාන විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍යනායක බරපතල
තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තුවාල ලබා ඇත්තේ සවරාන පදිංචි 16 හැවිරිදි සිසුවෙක්.

සිසුවාට සැත්කමක් සිදුකර ඇති අතර ඉන් අනතුරුව තත්වය බරපතල වීම හේතුවෙන් ජාතික රෝහලේ දැඩි
සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි කියැවෙන්නේ.

පසුගිය 15 වන දින රාත්‍රී දහයට පමණ පහර දීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
පහරදීම ගැන කිසිවෙකුට නොකියන ලෙස පහර දුන් පුද්ග්ගලයන් තර්ජනය කර ඇති බවත් පැවසෙනවා.

ටික දිනකට පෙර මෙම සිසුවාට පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක පදවිය ලැබී ඇති අතර ඊට පසු ඊට සිසුන් පිරිසක් ඊට විරෝධය දක්වා තිබෙනවා. එම පිරිසෙන් හතර දෙනෙකු පහර දී ඇති බවයි සිසුවාගේ මිත්තණිය පැවසුවේ.

පහරදීමට සැකපිට සිසුන් තිදෙනෙකු හලාවත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඉන් එක් අයෙකු
රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Your Comments