සියලුම භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක්

11

සියලූම භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉදිරියේදි රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදෙන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මහතා පවසනවා.
මහානායක හිමිවරුන් ඇතුලූ නායක ස්වාමින් වහන්සේලාගෙන් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගෙන ඇති අතර කඩිනමින් මෙම රක්ෂණාවරණය හඳුන්වාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
මේ අතර, වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නා හිමියන්ගේ රෝහල් ගාස්තු ජනාධිපතිවරයාගේ උපදෙස් මත කඩිනමින් ගෙවා දැමීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.
එමෙන්ම, උන්වහන්සේ ඉල්ලා සිටින පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබාදීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා සදහන් කළා.

Your Comments