සියඹලාණ්ඩුවේදී ඇල්ලූ ජීව උණ්ඩ තොගය ලබාදුන් බවට සැකපිට හමුදාවේ තුනක් පොලිස් අත්අඩංගුවට

25

පසුගිය 21 වනදා ජීව උණ්ඩ තොගයක් සමග සියඹලාණ්ඩුවේදී අත්අඩංගුවට ගත් ලද්දු රොෂාන් නමැත්තාට අදාළ ජීව උණ්ඩ ලබාදුන් බවට සැකපිට යුද හමුදා මේජර්වරයෙක් සහ සාමාන්‍ය සෙබළුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
අත්අඩංගුවට ගනු ලැබූ ලද්දු රොෂාන් නමැත්තාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් හෙළි වූ තොරතුරු මත අදාළ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. 
පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ ලද්දු රොෂාන් නමැත්තා කොස්ගොඩ සුජීගේ ගෝලයකු වන දැනට ගාල්ල බන්ධනාගාරයේ සිටින ජයලත් සුද්දා නමැත්තාගේ කොන්ත්‍රාත්තුවක් මත අදාළ පතරොම් තොගය සියඹලාණ්ඩුවේ සිට ගාල්ලට රැගෙන යමින් සිටි බවට අනාවරණ වී තිබෙනවා. 

Your Comments