Home Top Stories ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනපති කොමිසමේ කාලය දීර්ඝ...

ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි

10

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රී ලංකන් කේටරින් ආයතනවල සිදු වූ බව කියන අක්‍රමිකතා සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය තවත් මාස 5කින් දීර්ඝ කර තිබෙනවා.
එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ, කොමිසමේ නිල කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබූ බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් එහි නිල කාලය දෙසැම්බර් 31 වන දා දක්වා දීර්ඝ කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකන් මිහින් හා ශ්‍රී ලංකන් කෙටරින් යන ආයතනවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කොමිසම පත් කළේ, ඉකුත් පෙබරවාරි 14 වන දායි.
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා කොමිසමේ සභාපතිත්වය දරණු ලබනවා.
එහි සෙසු සමාජිකයින් වන්නේ අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්.අමරසේකර, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් විගණකාධිපති එම්.ඩී.ඒ. හැරල් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ජේ.කේ. ගීගනගේ මෙනවිය යි.

Your Comments